Advertisement

Responsive Advertisement

ආලෝකයේ වේගයෙන් ගමන් කිරීම පිළිබඳව ඔබ නොදත් තොරතුරු

 ඇල්බට් අයිස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතා නියමයට (Special Theory of Relativity) අනුව ආලෝකයේ ප්‍රවේගය යනු විශ්වය තුළ යම් වස්තුවකට ලබාගත හැකි උපරිම වේගයයි.


ඒවාගෙම කිසිදු ස්කන්ධයක් ඇති වස්තුවකට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කිරීමට හැකියාවක් නැහැ. හරියටම කියනවා නම් ආලෝකය ප්‍රවේගයෙන් ගමන් කිරීම සඳහා යම් වස්තුවක් සතු ස්කන්ධය ශූන්‍ය වීමට අවශ්‍ය වනවා. 


උදාහරණයක් වශයෙන් ස්කන්ධයක් නොමැති විද්‍යුත් චුම්භක තරංගයක් වන ෆෝටෝනයකට (photon) ආලෝකයේ වේගයෙන් ගමන් කළ හැකි අතර ස්කන්ධයක් තිබෙන ඉලෙක්ට්‍රෝනයකට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කිරීමට හැකියාවක් නැහැ.


මෙයින් පෙනීයන්නේ මිනිසා නිර්මාණය කරනා ස්කන්ධයක් ඇති කිසිදු අභ්‍යවකාශ යානයකට ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කිරීමට නොහැකි බවයි. මෙම හේතුව ක්ෂීරපථය තුල අන්තර් තාරුකා ගමනාගමනයට (Inter stellar travelling) සහ ක්ෂීරපථයෙන් පිටතට ගමන් කිරීමට මිනිසාට ඇති ප්‍රධානතම බාධකයද වනවා.


Post a Comment

2 Comments