Advertisement

Responsive Advertisement

කොලෝසියම (Colosseum)

 කොලෝසියම (Colosseum)


ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිවෙච්ච බලවත්ම අධිරාජ්‍ය තමයි රෝම අධිරාජ්‍ය.    

(Roman Kingdom  BC 753/509 …. Roman Empire . I.  30 / 480)

(East Roman Empire 395-1453)


රෝම රාජ්‍ය රෝම රාජධානිය විදිහට පුළුල් වෙන්නෙ පටන් ගන්නෙ ක්‍රිස්තු පූර්ව පස්වන හයවන සියවස් කාලෙදි.


ගෞතම බුදුන් බවට පත්වෙන සිද්ධාර්ථ කුමාරයා ඉන්දීය නේපාල භූමියේ ඉපදෙන්නෙ ක්‍රිස්තු  පූර්ව 563 දී. 


 ඒ කියන්නෙ සුද්ධෝදන රජ්ජුරුවො ඉන්දියාවෙ රජකම් කරන අවධියේත්.. ලංකාව යක්ශ හා නාග ගෝත්‍රිකයන් ‍යටතේ පාලනය වෙන අවධියේත් තමයි මේ රෝම වරු බලය පතුරුවන්න පටන් ගන්නෙ.


මීටත් කලින් තමයි ඓතිහාසික ග්‍රීක වරුන් ගැන අපිට අහන්න ලැබෙන්නෙ ..ඒ ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ.


රෝමවරු හරිම කෛරාඨිකයි... ඒ මිනිස්සු යුද්ධෙට දක්ශයි වගේම මිනිස්සු පාලනය කරන්නත්  කදිම උපක්‍රම පාවිච්චි කරනව.


ඒ කියන්නෙ රෝම වරුන් ..වෙන රටක් යුද්ධ කරල යටත් කර ගත්තට ඒ අළුත් රටේ දෙවියන්ව යටත් කර ගන්නෙ නෑ. ඒ වෙනුවට ඒ අය කරන්නෙ අර අළුත් දෙවියන්වත් රෝම දේව පවුලට බඳව ගන්නව. 


උදා හරණයක් විදිහට දකුණු ඉන්දියාව ගමු.   දකුණු  ඉන්දියාව යටත් කරගත් ගමන් රෝමන් වරු කරන්නෙ කාලිවයි ඝනේශ්වයි රෝම දේව පවුලට ඇතුල් කර ගැනීම.


ඒ බඳවා ගැනීම් ගැන  දේව කතංදරත් හදනව. 

උදා: විවාහ.. ගිවිස ගැනීම්. 

උදාහරණයක් විදිහට සියුස් කියන ග්‍රීක දෙවියා ජුපිටර් විදිහටයි රෝම පවුලට ඇතුල් කර ගන්නෙ. 


එතකොට වෙන්නෙ ඔක්කොම ග්‍රීක වරු යුද්දෙන් යටත් වුනා වගේම ..ආගමිකවත් රෝමෙට යටත් වෙනව.


ඇයි.. අපේ දෙවියො එයාලගෙ දේව පවුලෙනෙ දැන්.


රෝම අධිරාජ්‍ය ගල් කැටයම් ඇති මාලිගා... දේවස්ථාන.. නාන තඨාක... රෝහල්... ක්‍රීඩා පිටි වගේ බොහෝමයක් අලංකාර හා ශක්තිමත් ගොඩනැගිලි වලින් සමන්විතයි.


විශේෂයෙන්ම රෝම වරුන්ගේ වැසිකිලි හා නාන කාමර වලට ලෝක ඉතිහාසයේ විශේෂ තැනක් හිමි වෙනව.


අපි අද මේ කතා කරන  කොලෝසියම ඉදිවෙන්නෙ ක්‍රිස්තු වර්ශ 70-80 අතර කාලයේ.

ඒ කියන්නෙ ලංකාවෙ නම් අනුරාධපුර යුගයේ……හරියටම කිව්වොත් වසභ රජ්ජුරුවන්ගේ කාලයේ.  ( වසභ - ක්‍රිව 66-110)

මේ රජ්ජුරුවො තමයි වටදාගෙය හැදුවෙ.

ඇත්තටම ගල් වඩුවො තමයි ඒක හැදුවෙ ඒ රජ්ජුරුවන්ගෙ කාලෙ.


එතකොට ලංකාවෙ වටදාගෙය ඉදිවෙන අත‍රෙ රෝමයේ කොලෝසියම ඉදිවෙනව.

මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් ඉතාලියේ රෝම නගරයේ තියන කොලෝසියම නරඹල තියනවට සැක නෑ. තවත් බොහෝ දෙනෙක්  රූපවාහිනියෙන් හෝ ග්ලැඩියේටර් වැනි චිත්‍රපටි වලින් මේ ගොඩනැගිල්ල දැකල ඇති.


සරලවම කිව්වොත්… මේක ස්ටේඩියම් එකක් .. එහෙමත් නැත්තං මහා විශාල ක්‍රීඩාංගණයක්.


මේ ගොඩනැගිල්ලේ උස මීටර් 48 ක්.  වර්ග මීටර් 24000 ක් එහෙමත් නැත්තං අක්කර හයක භූමි භාගයක් වහ ගන්න තරම් කොලෝසියම විශාලයි.  මේ ක්‍රීඩාංගනයේ 50,000 ක් දෙනාට අසුන් ගන්න ඉඩ පහසුකම් තියනව.

 සුගතදාස ක්‍රීඩාංගනයේ අසුන් ගන්න පුළුවන් 25000 ක් දෙනාට පමණයි ( ඒ සංසන්ධනය කිරීමේ පහසුවට)


මේ කොලෝසියම හදල තියෙන්නෙ ගලින්.. හරියටම කිව්වොත් හුනු ගල් හෝ  ලාව ගල් වැනි ගල් විශේෂයකින් හා ගඩොල් වලින්.


ගල් ටොන් මිලියන 1.1 ක් මේ යෝධ ගොඩනැගිල්ල හදන්න පාවිච්චි කරල තියනව.

වර්පසියාන් (Verpasian )කියන රෝමන් පාලකයාගේ කලෙ වැඩ ආරම්භ කරල ටයිටස්  ( Titus) අධිරාජ්‍යා යටතෙ  තමයි වැඩ අවසන් කරල තියෙන්නෙ.


මොකටද මේ තරම් ලොකු ක්‍රීඩාංගණයක්. ?


කලින් කිව්ව විදිහට මේ රෝමන් වරු.. ආගම යොදාගත්ත වගේම මිනිස්සු පාලනය කරන්න ක්‍රීඩාව යොදාගත්ත මිනිස්සුන්ව සංතෝසෙන් තියන්න.


මේ ක්‍රීඩාංගණයේ මිනිස්සු තිස් හතලිස් දාහක් එකතු කරල.. ග්ලැඩියේටර් සටන්.. අශ්ව රේස් .. නැටුම් වගේ දේ පෙන්වන අතරෙම අධිරාජ්‍යයා හා පාලකයනුත් මිනිස්සු එක්ක සතුටු වෙනව.

සමහර අවස්ථාවන් වලදී වයින් හා පාන් බෙදල දෙනව.  මොන ගැටළු තිබ්බත් මිනිස්සු කාල බීල ..සටන් බලල... ඔට්ටු අල්ලල විනෝද වෙනව.

මේක හරි සාර්ථක උපක්‍රමයක්. 


දම්වැල් දාල අලි ඇත්තු ගේනව සටන් වලට.. මේක  අපිට විනිශ්චය කරන්න අපහසු ඒ අයගෙ ඇදහිලි වල හැටියට ඒක හිංසාවක් නොවන හින්ද. 

මොන සතෙක්වත්.. මොනම සංස්කෘතියක් ..ආගමක් යටතේ වත් හිංසනයට ලක් කරනවට මම විරුද්ධ වුනත් මේ කතා කරන්නෙ අවුරුදු 1900 කට ඉහත සිදු වුනු දෙයක් ගැන.


සිංහයො.. අලි කොටි වගේ සත්තු පවා ග්ලැඩියේටර් සටන් වලට යොදාගෙන තියනව.

ඒ එක්කම මේ ක්‍රීඩාංගණය ඇතුලෙ වතුර පුරවල .. බෝට්ටු හා රුවල් නැව් සංදර්ශණ මෙන්ම ජලයේ සිදුවෙන යුද්ධ පවා ප්‍රදර්ශණය කරල තියන බවට පැහැදිලි සාක්ශි හා ලිපි ලේඛණ තියනව.


අධිරාජ්‍ය පාලකායාගේ හා පවුලේ ප්‍රභූ වේදිකාව... ධනවත් මිනිසුන්ගේ නැරඹුම් මැදිරි.. විවේකාගාර.. අවන්හල්... වැසිකිලි... සතුන් හා ග්ලැඩියේටර් වරු රංදවා තබන සිරගෙවල් වගේ විශාල පරාසයක සැලසුම් ගත කොටස් මේ කොලෝසියමට ඇතුලත් වෙනව.

විශේෂයෙන්ම භූගත හිර මැදිරි හා උමං මාර්ග.... ආලෝකය .. ජලය සපයන උපක්‍රම විශිෂ්ඨයි. 


අනිත් අතින් තට්ටු හතරක පහක උසට නගින්න නිර්මාණය කරපු සෝපාන වල නටඹුන්  අද  පවා දකින්න පුළුවන්.

මේ සියල්ලටමත් වඩා  පනස් දාහක් දෙනා අසුන් ගත් පසුත් පහසුවෙන් ඔරොත්තු දෙන ගෘහ නිර්මාණ ශිල්පය අගය කල යුතුමයි.


මහා ..මාලිගා.. කෝවිල්.. පංසල් හෝ පල්ලි වලට වඩා මේ ගොඩනැගිල්ල අගය කල යුතු හේතුවක් තියනව.

ඒ තමයි මේ ගොඩනැගිල්ල සාමාන්‍ය මිනිසුන් හෙවත් ජනතාව වෙනුවෙන් ඉදිකර තිබීම.

අනිත් මහා ගොඩනැගිලි ඉදි කරල තියෙන්නෙ එක්කො රජවරු වෙනුවෙන්.. නැත්තං පූජකයො හෝ භික්ශූන් වෙනුවෙන්.


ඊ ලඟට ලෝක යුද්ධ.. ආක්‍රමණ ..භූමි කම්පා ආදී විවිධාකර සිද්ධින්ට මුහුණ දුන් මේ ගොඩනැගිල්ලෙ වැඩි කොටස අදත් නිරුපද්‍රිතයි.

කිහිප සැරයක් අළුත්  වැඩියා කටයුතු කලත් ප්‍රධාන ගොඩනැගිලි බිත්ති තවම එදා වගේම ශක්තිමත්.


එක හවසක  මේ අවුරුදු 1900 ක් විතර පරණ  කොලෝසියම ඇතුලෙ ..හිස් ක්‍රීඩා පිටිය දිහා බලාගෙන ඉද්දි මට හිතුනෙ එදා මේ තැන කොහොම තියෙන්න ඇතිද කියලයි. .... පනස් දාහක් දෙනා ඔල්වරසන් දෙනකොට ..ස්පාටකස් වැනි මිනිස්සු ජීවිතය සඳහා සටන් කරේ මෙතනද කියල හිතන එකත් හරි අපූරුයි.


මොනව වුනත් එදා දුප්පත් මිනිස්සුන්ට නොමිළයේ විනෝද වෙන්න තැනක් තිබුන.


සමහර විට අදත් කාලි ..නාථ..විශ්ණු  පෙන්නල මිනිස්සු රවට්ටන එකෙත් .. ක්‍රිකට් .. ෆුට්බෝල්.. රගර්  වැනි ක්‍රීඩා පෙන්නල මිනිස්සුන්ගෙ අවධානය වෙනතක ඇද බැඳ තබන එකෙත්  සමානත්වයක් තියෙනවද කියලත් හිතෙනව.


වහල් සේවය.. සටන්.. සත්ව හිංසනය එදත්   අදත් එක විදිහ උනත් ..මේ යෝධ ගොඩනැගිල්ල නම් පුදුමාකාරයි.

ඒ නිසාමයි  කොලෝසියම ලෝක පුදුම හතට ඇතුල් වෙන්නෙ.



Post a Comment

8 Comments