Advertisement

Responsive Advertisement




 ලිතුවේනියාවේ 'Panevezys' නගරයේ යතුරු දහස් ගණනකින් සරසා ඇති ගසක් පිහිටලා තියෙනවා...


එම රටේ ඉතිහාසයන්ට අනුව මෙම විශේෂිතවූ ගසේ යතුරු එල්ලෙන්නට පටන් ගැනීම අහම්බයක් නොවන බව පැවසෙනවා... මෙම පෞරාණික ගස අසළ කරන ලද යම් කිසි කැණීමකින් පසු පුරාණ යතුරු හැත්තෑවක් පමණ සහිත පෙට්ටියක් හමුවී තිබෙනවා... ඉන්පසු ඒවා පරික්ෂා කිරීමෙන් පසුව සියල්ලම මේ ආකාරයෙන් ගසට තබා ඇණ ගැසීමට ඉතිහාසඥයින් විසින් තීරණය කර තිබෙනවා... 


ඒ වගේම එම ඉතිහාසඥයින්ට අනුව, පුරාණ කාලයේ මෙම යතුරු මිනිසුන්ට ප්‍රායෝගික අර්ථයක් ගෙනදුන් ඒවා නොවෙනවා.... පැරන්නන්ගේ විශ්වාසයන් මත ගොඩනැගුණු ව්‍යාජ යතුරු තවමත් මෙහි දක්නට තිබෙනවා... ඒවා ඉබි හෝ අගුල් සඳහා භාවිතා කිරීමට සාදන ලද ඒවා නොවන අතර එක් එක් අයගේ පවුල්වල ආරක්ෂාව සඳහා සහ යම් යම් ස්ථානයන් ආරක්ෂා කිරීම සඳහා සංඛේතාත්මක ලෙස නිවස්වල එළියේ පෙනෙන ස්ථානයක එල්ලා තිබෙනවා... 


එමෙන්ම ආදරය වෙනුවෙන් වෙනත් යම් යම් රටවල කරන්නාක් මෙන් තව දුරටත් පාලම්වල අගුල් එල්ලා යතුර ගඟට විසිකිරීම වෙනුවට, මෙම වීදියට පැමිණ ඔවුන් සාදාගත් යතුරක්, ගසේ එල්ලීමට තරැණ පිරිස් විශාල උනන්දුවක් දක්වනවා... යතුරු මෙලෙස එල්ලීම ඔවුනට වාසනාව ගෙන එනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා... කෙසේ වෙතත්, මෙම අද්විතීය යතුරු ගසේ යතුරක් එල්ලීම වෙනස් ආකාරයේ වාසනාවක් සොයන අය අතර උනන්දුවක් ද ඇතිකර තිබෙනවා...



Post a Comment

2 Comments